― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඑළුවන්ටත් රක්ෂණයක්

එළුවන්ටත් රක්ෂණයක්

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර පැවසුවේ දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

පශු සම්පත් පාලනයේදී රජය විසින් ඉදිරි වසර පහ ඇතුළත එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහාද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා එහිදී පැවසීය.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබේ.