― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඖෂධ මිල අඩු කරන්නැයි සුව ඇමතිගෙන් උපදෙස්

ඖෂධ මිල අඩු කරන්නැයි සුව ඇමතිගෙන් උපදෙස්

ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (29) එම අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදීයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් ඖෂධ මිල අඩුවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විදුලි බිල ඉහළ යාම, බැංකු පොලී අනුපාත ඉහළ යාම ඇතුළු අනෙකුත් සාධකයන් සැලකිල්ලට ගනිමින් රටේ අහිංසක ජනතාවට අවශ්‍ය ඖෂධ උපරිම සාධාරණ මිලට ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි ඉහළ නිලධාරීන් මේ සහභාගී වී තිබේ.