26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘෂිකර්ම දත්ත ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්ම දත්ත ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඒ සඳහා මුල්‍ය ආධාර සහ නවීන තාක්‍ෂණය සැපයීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව මෙම ප්‍රයත්නයන්ට සහාය වීමට බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් එහිදී ජනාධිපතිවරයාට කැමැත්ත පළ කළේය