24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනතාශාගේ විහිලුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් - විමල් වීරවංශ

නතාශාගේ විහිලුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – විමල් වීරවංශ

බුදු දහමට ගැරහීම පිටුපස සිටින්නේ ජාත්‍යන්තර බලවේග බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදීය.

අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි ‘සුද්ධෝදනගෙ කොලුවා’ කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි