27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් ගාස්තු අඩු කරන්න බැහැ

බස් ගාස්තු අඩු කරන්න බැහැ

ඩීසල් අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසන්නේ අමතර කොටස් හා ටයර් මිල පහළ දමන්නේ නම් පමණක් බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.

බස්රථවලට යොදන බැටරියක මිල රුපියල් 35,000 සිට රුපියල් 80,000 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ටයරයක මිල රුපියල් ලක්‍ෂය ඉක්මා ගොස් තිබෙන බවයි.

ටයරයක් නැවත පිරවීම සඳහා රුපියල් 25,000ක මුදලක් අවශ්‍ය වන අතර මීට අමතරව ලිහිසි තෙල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඇතැම් අමතර කොටස්වල මිල 500%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.