බණ්ඩාරගම නගරයේ විදුලි උපකරණ ප්රදර්ශනාගාරයකට විදුලි උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් ලැප්ටොප් පරිගණකයක් සොරාගෙන තිබෙනවා.
සිය සැමියා පැමිණෙන තෙක් එහි රැඳී සිටින බව සේවිකාවන්ට පවසා ඉතා සූක්ෂම ලෙස මෙම සොරකම සිදුකර ඇති අතර සිසිටිවි කැමරාවේ එය සටහන් වී තිබෙනවා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 2 කට අධික බවයි වාර්තා වන්නේ. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය විමර්ශන සිදු කරයි.