― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයූරියා මිල පහළට

යූරියා මිල පහළට

ජුනි මස 15 වැනිදා සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල පියල්රු 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද (31)පෙරවරුවේ යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී යි මෙම තීන්දුව ගනු ලැබුවේ. ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය යල කන්නය වනවිට පුද්ගලික අංශය විසින් රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වනවිට පුද්ගලික අංශය විසින් රු.11,000 දක්වා මිල පහත දමා තිබෙනවා. මීට හේතුව වූයේ රජය විසින් යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමයි.

මේ අතර පසුගිය මහ කන්නයේ රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය විසින් මෙම යල කන්නයේදී රුපියල් 15,000ක් දක්වා රු.4500කින් පහත හෙළනු ලැබුවා. රජය විසින් මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කළේ.