― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයෙන් සුබසාධන ලබන අයට විශේෂ දැනුම්දීමක්

රජයෙන් සුබසාධන ලබන අයට විශේෂ දැනුම්දීමක්

සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බවයි.

මේ වනවිටත් දිස්ත්‍රික්ක 25 න් 10 ක් සම්පුර්ණයෙන්ම ඒ සඳහා සියලු කටයුතු අවසන් කර තිබෙනවා.

එහි සභාපති බී. විජයරත්න ඒ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කළේය.

“සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6ක් යටතේ, උපමාන 22ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමයි. ඒ අනුව අපිට තවදුරටත් දිස්ත්‍රික්ක 25න් 10ක පමණ ප්‍රමාණයක් 94%ක් වගේ වැඩ නිමවෙමින් තියෙනවා. අපි ඒ කමිටුවට දීලා තියෙනවා දීලා තියෙන දත්ත පිළිගැනීම, ඒ දත්තවල අඩුපාඩු තියෙනවා නම් නැවත සමීක්ෂණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම.”