23.4 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තරුණයෙක් මියගොස් තිබෙනවා.

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැමිණි තරුණයා උඩුපිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මාර්ගයක් හරහා ගමන් කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් 58 හැවිරිදි වියේ පසු වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මියගොස් තිබෙනවා. යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා ද තුවාල ලබා ඇති අතර ඔහු කටුවන රෝහලේ ප්‍රතිකාර ලබනවා.