27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්‍යාජ ලියකියවිලි සාදා වාහන අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සාදා වාහන අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදී රථ වාහන ලියකියවිලි සහ ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර රථ වාහන අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විවිධ ප්‍රදේශවල ඇති වාහන කුලී පදනම මත ලබාගෙන එම රථ වාහන වලට ව්‍යාජ ලියකියවිලි සකසා වෙනත් පුද්ගලයන් හට අලෙවි කර ඇත. එලෙස අලෙවි කරන ලද ත්‍රීරෝද රථයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී හැඳුනුම්පත් දෙකක් සහ රියදුරු බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.