― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසම්භාහනය මුවාවෙන් කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස පොලිස්‌ වසමේ වෙරළ පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබෙනවා.

එහිදී සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වටලා කළමනාකාරිණිය ඇතුළු සැකකාරියන්‌ පස්‌ දෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරියන්‌ අවුරුදු 25ත් 45ත්‌ අතර වයසේ පසුවන නිකවැරටිය, තල්පොත, කොළඹ 03, වලපනේ හා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරිනියන්‌ය.

සැකකාරියන්‌ අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.