32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද දිවයිනට

IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහුගේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහබැංකු නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව ඔහු කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක්ද නිරීක්ෂණය කිරීමට නියමිතව ඇති අතර මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපකට සහභාගි වීමට ඔහු සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.