30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය සදුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම ඉගිය ලබා දුන් බවයි.

නුදුරේදීම ඡන්දයක් එනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි කළද, ඒ ජනාධිපතිවරණයක්ද, මහමැතිවරණයක් ද හෝ කල් දමමින් සිටින පලාත් පාලන මැතිවරණය ද යන බවට කිසිදු ඉගියක් ජනාධිපතිවරයා ලබා නොදුන් බවයි ඔහු පැවසුවේ.