26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හිඟයක් නැහැ - ඇමති කංචන

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කංචන

ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව කලබල නොවිය යුතු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි. ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යා යුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.