27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජෙරම්ට එරෙහිව තවත් පෙත්සමක්

ජෙරම්ට එරෙහිව තවත් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු පිරිසක් විසිනුයි එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබියදී මෙම පෙත්සම ගොනු කර තිබෙන බවයි අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර සිටින්නේ.

ඉදිරිපත්වූ පැමිණිලි මත විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු පිරිස සිය අතරමැදි පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.