22.6 C
London
Tuesday, September 26, 2023

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවට වන පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවයි.

2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධවෙන්නෙත් ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන එකක් නිකුත් වූ ගැසට් පත්‍රය එක්ක. මේ ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වෙන කැපී පෙනෙන පන්තිවලට ආරාධනා කරලා තියෙනවා කරුණාකරලා බදු ලිපිගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරු මහත්වරු වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. එවැනි කණ්ඩායම් 14කට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා.

Latest

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින්...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින්...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙකවත් ඉටු නොකරන පොරොන්දුවක් බව...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here