― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅවුරුදු 05ට අඩු දරුවන්ගේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

අවුරුදු 05ට අඩු දරුවන්ගේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බවයි.

ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති.

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරනු ලබන අතර පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගත් බවයි ඇය පවසන්නේ.