29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආගම් ප්‍රශ්නය ජාතික ආරක්ෂාවටත් ගැටළුවක්

ආගම් ප්‍රශ්නය ජාතික ආරක්ෂාවටත් ගැටළුවක්

ආගම්වලට අගෞරව වන පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවයි හෙතෙම සඳහන් කළේ.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු,සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හට ගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත් කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත් නීතිය පරිබාහිරව යම් කිසි පුද්ගගයකු ඒ ආකාරයේ ප්‍රකාශ සිදුකරන්නේ නම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවත් ඔහි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.