27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ - මහින්දානන්ද

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ සේවය රටට අවශ්‍ය බව පැවසුවහොත් එය නොපැකිලිව ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ නව අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මම තර්ජනය කිරීමක් හෝ ඇමති තනතුර කිසිම දවසක මම ඉල්ලලා නැහැ. මම ඇමති තනතුරු පස්සෙන් හඹා යන්නේත් නැහැ. ජනාධිපතිවරයා වගකීමක් භාර දුන්නොත් ඒක භාර ගන්නවා. ඒ නිසා පසුගිය කාලයේ මේ රටේ තිබුණ ආර්ථික අර්බුදයත් එක්ක අමාත්‍යධුර ලබාදීම සුදුසු නැහැ. ඒ නිසා මේ ආර්ථිකය යම්තාක් දුරට යතාවත් වුණාට පස්සේ තමයි එය ලබාදිය යුත්තේ. ඒ නිසා මම කිසිසේත් කවමදාවත් ඇමතිකම් ඉල්ලලාත් නැහැ, ඇමතිකම් පස්සේ යන්නේත් නැහැ. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් මම ඒක පිළිගන්නවා. මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ.