32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුළු මස් මිල අඩු කිරීමට පියවර

කුකුළු මස් මිල අඩු කිරීමට පියවර

නොබෝ දිනකින් මෙරට කුකුළු මස් මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් සිල්ලර මිල ඉහළ ගොස් තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුකුළු ගොවිපළ හිමියන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි.

මිල අඩු කිරීමට නම් කුකුල් මස් නිෂ්පාදනය වැඩි කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.