27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකූඨ ලේඛන සැකසූ තිදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ තිදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරුවන් හා සැකකාරිය ඊයේ (01) දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව් අසල පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිදුකරගෙන ගිය කූඨ ලේඛන සැකසූ ස්ථානයක් වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැටලීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ සහ සමාදාන විනිසුරුකරුවගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 260ක්, ව්‍යාජ ලෙස සකස්කරමින් තිබූ රක්ෂණ කාඩ්පතක්, ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ ලේඛන සැකසීමට දත්ත ගෙන්වා ගත් දත්ත ඇතුළත් ජංගම දුරකථනයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 31 සහ 70 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්. මොවුන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.