28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘතිම වකුගඩුවල හා රුධිර නාළවල හිඟයක්

කෘතිම වකුගඩුවල හා රුධිර නාළවල හිඟයක්

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණයේදී භාවිත කරනු ලබන කෘතිම වකුගඩුවල සහ රුධිර නාළවල දැඩි හිඟයක් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී ගැටලු පැන නගින බවයි වෛද්‍යවරු පවසන්නේ.

එසේම වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රෝගින් සඳහා භාවිත කරනු ලබන කෘතිම වකුගඩු සහ රුධිර නාළ ප්‍රමාණවත් වන්නේ තවත් සතියක පමණ කාලයකට පමණක් බවයි වාර්තා වන්නේ.

වකුගඩු පරිත්‍යාගශීලින් විසින් වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් පවතින බැවින් හැකියාවක් ඇති පුද්ගලයන්ට වකුගඩු රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට අවස්ථාව ඇති බව රෝහල් පාලනාධිකාරිය දැනුම් දෙයි.