28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානු යුද නැවක් මෙරට නිල සංචාරයක

පාකිස්තානු යුද නැවක් මෙරට නිල සංචාරයක

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS SHAJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු වී තිබේ.

අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණ නෞකාව නාවික හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගෙන ඇති අතර මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘PNS SHAJAHAN’ නෞකාව, දිගින් මීටර් 134.1ක් හා නැව් මුළුව 169කගෙන් සමන්විතය.

නෞකාවේ අණ දෙන නිලධාරි ලෙස කපිතාන් ADNAN LAGHARI TI කටයුතු කරනු ලබයි. නෞකාවේ අණ දෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර හමුවක් අද (02) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

මෙම නෞකාව අනිද්දා (04) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතයි.