― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපිරමීඩ ජාවාරමට තව අය පටලවන්න එපා - මහබැංකු අධිපති

පිරමීඩ ජාවාරමට තව අය පටලවන්න එපා – මහබැංකු අධිපති

පිරමිඩ් වංචා සඳහා රජයේ සේවකයන්, පොලිස් සේවයේ පුද්ගලයන් සහ ගුරුවරුන් ද ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ඊයේ (01) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී ය.

පිරමිඩ් යෝජනා ක්‍රම සහ ක්‍රිප්ටෝ කරන්සි යන නීති විරෝධී වැඩපිළිවෙළවල් සඳහා මහ බැංකුව සහය නොවන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

නීති විරෝධී පිරමිඩ් වංචාවලට සම්බන්ධව සිටින පුද්ගලයන් ඉතා ඉක්මනින් කළ යුත්තේ පිරමිඩ් යෝජනා ක්‍රමවලට තව තව ත් පුද්ගලයන් හඳුන්වා දීම නොව පිරමිඩ් යෝජනා ක්‍රියාත්මක කරන ආයතනවලින් තමන් යොදවා ඇති මුදල ඉල්ලා ගැනීම බව ද අධිපතිවරයා කියා සිටියේ ය.

පිරමිඩ් යෝජනා ක්‍රමවලට සම්බන්ධ වී වින්දිතයෙකු වී සිටින තැනැත්තෙකු ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට බිය විය යුතු නොමැති බව ද ඔවුන් සිදුකළ යුත්තේ පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ විස්තර ලබා දී ඔවුන්ව නීතිය හමුවට හසුකර දීම බව ත් අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව පොලිසිය, රහස් පොලිසිය සහ නීතිපති ඇතුළු නීතිමය පාර්ශව සම්බන්ධ කර ගනිමින් මහ බැංකුව කටයුතු කරගෙන යන බව ද පිරමිඩ් යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් සිදුවන්නේ මුදල් ඉපයීමක් නොව තමන් මහන්සියෙන් ඉපැයූ මුදල් නැතිකර ගැනීමක් පමණක් බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරට ත් කියා සිටියේ ය.