― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපොසොන් පොහොයට සිරකරුවන් රැසකට ජනාධිපති සමාව

පොසොන් පොහොයට සිරකරුවන් රැසකට ජනාධිපති සමාව

හෙටට (03) යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබේ.

ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව වසරක් හෝ ඉන් කොටසක් ගතවන සිරකරුවන්ට දින 14ක සමාවක් හිමි වනු ඇති.

දඩ මුදල් නොගෙවීම මත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදු වන අතර දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20ක් ගෙවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිමට ද නියමිතයි.

අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිර දඬුවම නියමකර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම වසර 15කට අඩුකර මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට ක්‍රියාත්මක කිරීම ද මේ යටතේ සිදුවෙයි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන්වී පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති රැඳවියන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි කාලය අහෝසි කිරීම සිදුකරන අතර සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් පිරිසකට එලෙස ජනාධිපති සමාව හිමිවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙම සමාව පිරිනමන්ය් ලබයි.