28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ මස අවසානයේදී ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම්

මේ මස අවසානයේදී ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම්

මේ මාසය අවසානය වන විට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ජාතික පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (01) පැවති වැඩසටහනකදීය.

ඒ අනුව මේ යටතේ ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් මල් මාලා, හැඳි – ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් තහනම් කිරීමට නියමිතය.