23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසති අන්තයේ ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

සති අන්තයේ ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

මෙම සති අන්තයේ ඉන්ධන සැපයීම නැවත ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයට උපදෙස් දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

අතිකාල වියදම් අවම කිරීම සඳහා පසුගිය මාස 4 තුළ CPC සහ CPSTL ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බවද ඔහු සඳහන් කළේය.

පසුගියදා පැවති මිල සංශෝධනයේදී මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් ලබා නොදීම හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේ.