22.6 C
London
Tuesday, September 26, 2023

ගෝඨාභයට නව නිල නිවසක්

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දී ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන විට පදිංචිව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඔහු රටින් පළා ගොස් නැවත පැමිණීමෙන් පසු රජයෙන් දුන් බෞද්ධාලෝක මාවතේ නිවස නිතර ඝෝෂාකාරී බැවින් ඔහු එම නිවසට අකමැතිවී ඇති අතර මෙම තත්ත්වය සළකා අදාළ නව නිවස ලබා දි ඇති බව සඳහන් වේ.

රාජපක්ෂ මහතා, අලුතින් පදිංචි වූ ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට වෙන් කර නිවස බවද පැවසේ.

ඔහු සමඟ එකඟතාවයෙන් නව නිවස රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවද වාර්තා වේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥයා වන අතර ඔහු දේශපාලනයට කැඳවූයේ ද හිටපු ජනාධිපතිවරයා ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා හා ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ද එම නිවසට ආසන්නයේ ය.

#srilankamirror

Latest

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින්...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින්...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙකවත් ඉටු නොකරන පොරොන්දුවක් බව...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here