22 C
London
Tuesday, September 26, 2023

මුහුණට මිරිස් කුඩු දමා රන් භාණ්ඩ කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පන්විලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් බවයි පොලීසිය පවසන්නේ. මෙම කණ්ඩායමට නායකත්වය ලබාදෙන පන්විලවත්ත සුද්දා නැමැති සැකකරු පන්විල වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරුවන් සහ ත්‍රීවිල් රථ අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලීසිය සමත් විය.

සැකකරුවන් ත්‍රිරෝද දෙකකින් ගොස් පිළියන්දල ප්‍රදේශයේ ගාල්කර තිබෙන යතුරු පැදියක් සොරකම් කොට එම යතුරු පැදිය යොදාගෙන මෙම රන්මාල මංකොල්ලකෑම සිදුකොට ඇත. ප්‍රධාන සැකකරු එම යතුරුපැදිය සොරකම් කරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

ප්‍රධාන සැකකරුට එරෙහිව මංකොල්ලකෑම්, පහරදීම් ඇතුළු චෝදනා 23 ක් එල්ලවී ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ යතුරුපැදියෙන් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කර රන්මාල කොල්ලකා ඇති බවට හෙළිව තිබේ.

මෙම කණ්ඩායම විසින් අවසන් වරට කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ ගල්ලස්හේන මංසන්දිය ආසන්නයේ වෙළඳසැල පවත්වාගෙන යන කාන්තාවකගේ රන් මාලය කඩාගෙන ගොස් ඇති අතර එම කාන්තාව දකුණු කළුතර පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකිවිය.

සැකකරුවන් විසින් කොල්ලකෑ රන්මාලයක්, ජෙනරේටරයක්, වාහන සේදුම් යන්ත්‍රයක්, ජංගම දුරකථනය දෙකක් සහ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here