23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩදියලුමදී මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුමදී මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා බව කියූ තරුණයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ එම තරුණයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත පසුගිය දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරුණයා ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැළකිලිමත්කමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පසුබිම සැකසීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ සිටිය දී වන අලි ප්‍රහාරයකට ලක්ව තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී මෙම තරුණයා ද තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලැබුවා.