25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්වැව සිරිධම්ම හිමියන්ට සිතාසි

ගල්වැව සිරිධම්ම හිමියන්ට සිතාසි

ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ අගවිනිසුරු ප්‍රසන්න අල්විස් අද (05) සිතාසි නිකුත් කර තිබේ.

ඇප කොන්දේසිය අනුව තම දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට අපොහොසත් වූ සැකකරුට සිතාසි නිකුත් කරන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

ත්‍රස්ත මර්දන පනත යටතේ රඳවාගෙන ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ඇප මත මුදාහැර සිටින සිරිධම්ම හිමියන්ට මාස දෙකකට වරක් තම ඒකකයේ පෙනී සිටිය යුතු බවට ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණද සැකකරු පෙනී සිටියේ නැත.