32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්ලේන්ටියක් රුපියල් 30ටවත් අඩු කළ යුතුයි - අසේල සම්පත්

ප්ලේන්ටියක් රුපියල් 30ටවත් අඩු කළ යුතුයි – අසේල සම්පත්

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ද අඩුකළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ අනුව ප්ලේන් ටී එකක මිල රුපියල් 30ක් දක්වා අඩුකළ යුතු බවයි සභාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ආපනශාලාවල ආහාර මිල ගණන් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

විපක්ෂය නියෝජනය කරන ඇතැම් හෝටල් හිමියන් මෙම සහන පාරිභෝගිකයින් වෙත ලබාදීමක් සිදුනොකරන බවයි ඔහු චෝදනා කර සිටියේ. ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කළ අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩුකරනු ලැබුවා.

කෙසේ වෙතත් ලාෆ් සමාගම තවමත් ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මේ වනතෙක් නිකුත් කර නැහැ.