25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීයයි

පිළිකා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීයයි

මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීයව පවතින බව වාර්තා වෙයි.

රුපියල් කෝටි 4ක මුදලක් වැය කර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබාදෙන විකිරණශීලි එස්.ඩී.ජී ඖෂධය එන්නත් කිරීම සඳහා අදාළ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මිලදී ගෙන ඇත.

මෙම යන්ත්‍රයට භාවිත කරන සම්බන්ධක කැතීටර අවසන් වීම හේතුවෙන් එය අක්‍රීයව පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ එම කැතීටර මිල දී ගැනීමට මුදල් නොමැති වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.