25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් පොහොයට ලක්ෂ 20ක් අනුරාධපුරයට

පොසොන් පොහොයට ලක්ෂ 20ක් අනුරාධපුරයට

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදී (03) සහ ඊයේ (04) දිනයේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ මිහින්තලා රජ මහා විහාරස්ථානය වන්දනා කිරීමට දිවයිනේ සිවුදෙසින් විසි ලක්ෂයකට අධික සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එම සැදැහැවතුන්ගෙන් ලක්ෂ දොළහකට වැඩි පිරිසක් මිහින්තලා රජ මහා විහාරස්ථානය වන්දනා කිරීමට ගොස් ඇති අතර 2018 වර්ෂයෙන් පසු පොසොන් උත්සව සමයේ අනුරාධපුර සහ මිහින්තලේ සිද්ධස්ථාන වන්දනා කිරීමට පැමිණි වැඩිම සැදැහැවතුන් පිරිස මෙය වන බවයි පොලිසිය පවසන්නේ.

අනුරාධපුරයට සහ මිහින්තලේට පැමිණි ජන ගංගාව හේතුවෙන් පෙරේදා (03) රාත්‍රි කාලයේ අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගය සහ අනුරාධපුර නගරයේ සියලු මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇති විය.