පොහොට්ටු පක්ෂයේ ප්රබලයන්ට කළකම් ඵලදෙමින් තිබෙන බව කාන්තා හා ළමා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පවසයි.
පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වූ තමන්ට කිසිදු තනතුරක් නොදී පැත්තකට කර තැබීමට පොහොට්ටුවේ ප්‍රබලයන් එදා කටයුතු කළ බව පවසන රාජ්‍ය අමාත්‍යවරිය අද ඒ ජ්යේෂ්ඨයන්ම ඔවුන්ට කිසිදු තනතුරක් නොලැබුණු බව කියමින් පසෙකට වී සිටින බව පැවසුවාය.
පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ගෙන් එදා තමන්ව පසෙකට තල්ලු කර දමා තිබුණු බවටයි ඇය චෝදනා කරන්නේ.