27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවගේ ගෑස් ලොරිය කොල්ල කෑ පුතා අත්අඩංගුවට

මවගේ ගෑස් ලොරිය කොල්ල කෑ පුතා අත්අඩංගුවට

ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් කොල්ල කෑ පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ දී ඊයේ (04) අත්අඩංගුවට ගත බව නෙළුක්කුලම පොලිසිය පවසනවා.

සැකකරු විසින් ව්‍යාපාරික කාන්තාවකට අයත් කෝටි දෙකකට ආසන්න අධික වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර පැටවූ ලොරි රථයක් මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ව්‍යාපාරික කාන්තාව නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සොරකම සිදුකළ ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමල් පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කොල්ල කෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය ඔහුගේ නිවසේ සඟවා තිබී ඇති අතර ඔහු එම ගෑස් සිලින්ඩර තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමටයි සූදානම්ව සිට ඇත්තේ.

මව විසින් සිදුකළ දේපළ බෙදාදීම සම්බන්ධයෙන් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත සැකකරු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසූයේ සැකකරු සිය මවගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ අරමුණින් ගෑස් සිලින්ඩර සහ ලොරි රථය කොල්ලකා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.