32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ

ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ

ප්‍රාථමික රෝහල්වල දැනට හිඟ වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

ඒ අනුව මාස 3කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉතාම නුදුරු දිනකදී භාර දෙන බවයි ඔහු පැවසුවේ.

මේ වනවිටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින අතර
ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබාදීමටද අවදානය යොමුකර ඇති අතර එම සේවා යථා තත්ත්වයට පත්කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.