24.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරුපියලේ අගය තවත් ඉහළ යනවා - සියඹලාපිටිය

රුපියලේ අගය තවත් ඉහළ යනවා – සියඹලාපිටිය

මුදල් ගනුදෙනුවල කැපී පෙනෙන වැඩිවීමක්, සංචාරක පැමිණීම්වලින් ලැබෙන ආදායම සහ ආනයන අඩුවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයන සීමා කර ඇති බැවින් ඩොලරයට ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවත් අපේක්ෂිත විදේශ ආයෝජන සමඟ මධ්‍ය කාලීනව රුපියල තවදුරටත් ඉහළ යා හැකි අතර සංචාරක පැමිණීම් ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.