29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස්වලට පාලන මිලක් ඉල්ලයි

කුකුල් මස්වලට පාලන මිලක් ඉල්ලයි

නිසි මිල නියාමනයක් නොකළහොත් කුකුළු මස් ආනයනය කිරීමට සිදුවන පරිසරයක් නිර්මාණය වනු ඇති බව ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එම එකමුතුවේ කැදවුම්කරු සුජීව ධම්මික කියා සිටියේ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මීට පූර්ණ වශයෙන් මැදිහත් නොවුනහොත් කුකුළු ගොවිපළවල් රටින් තුරන් වනු ඇති බවයි.

එමෙන්ම සම සහිත කුකුළු මස් රුපියල් 950 ත් – 1150 ත් අතර මිලකටත් සම රහිත කුකුළු මස් රුපියල් 1150 ත් රුපියල් 1200 කටත් වෙළදපළට නිකුත් කරන නමුත් වෙළඳුන් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1600 කට පමණ අලෙවි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.