26.7 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින පහේ බිළිඳිය යෙහෙළියට දී මව පැන ගිහින්

දින පහේ බිළිඳිය යෙහෙළියට දී මව පැන ගිහින්

ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී හොඳම යෙහෙළිය රවටා දින 5ක් වයසැති තම බිළිඳිය ඇයට බාර දී මව පලා යාමේ පුවතක් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් යෙහෙළිය පොලීසියෙ පැමිණිල්ලක් දමමින් පවසා ඇත්තේ හෝටල් කාමරය තුළදී බිළිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් ඇය නොපැමිණි බවත්ය.

විසිතුන් හැවිරිදි මෙම තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ පුත්තලම මූලික රෝහලේදී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය තම දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත්ය.

බිළිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.