28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

ඊයේ (06) යාපනය, වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගිය තරුණයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පමණ වන ජගන් ජනෝසන් නමැති තරුණයෙක්.

අදාළ තරුණයා ඇතුළු තරුණ කණ්ඩායමක් කෝවිල් උත්සවයක් සදහා පසුගිය දිනක ත්‍රිකුණාමලය හා මඩකලපු ප්‍රදේශයේ සිට පැමිණ තිබෙනවා. ඔවුන් කෝවිල් උත්සවය අවසන්ව දිය නෑම සඳහා අසළ වූ ජලාශයකට බැස ඇති අතර එහිදී අදාළ තරුණයා දියේ ගිලී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හදිසි මරණ පරීක්ෂණය වැල්වැටිතුරෙයි හදිසි මරණ පරීක්ෂක විසින් සිදු කරන ලදී.