― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාවික හමුදා මෙහෙයුමකින් ජීවිත 38ක් බේරා ගැනේ

නාවික හමුදා මෙහෙයුමකින් ජීවිත 38ක් බේරා ගැනේ

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 දෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

නාවික හමුදාව අද උදෑසන සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි ඔවුන් බේරාගෙන ඇත්තේ. අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි පුද්ගලයන් බේරාගෙන එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කෙරුණා.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය (Low Tide) හමුවේ යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වීම අනතුරට හේතුව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට නාවික හමුදාවට තොරතුරක් ලැබුණු අතර ඊට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

නාවික හමුදාව සිදු කළ මෙම මෙහෙයුම හේතුවෙන් සිදූවීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ අතර, ‘කාලි අම්බාල් 2’ නම් මෙම යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදුකරනු ලබන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබුණා.