― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපවුල සමඟ බස් රථවලට නැග දුරකථන සොරාගත් අයෙක් දැලේ

පවුල සමඟ බස් රථවලට නැග දුරකථන සොරාගත් අයෙක් දැලේ

බිරිඳ හා කුඩා දරු තිදෙනා සමඟ බස් රථවල නැග මගී වෙස්ගෙන ගමන් කරමින්, වටිනා ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයෙකු හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5200ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පැවසීය.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ජංගම දුරකථන විස්සකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

බස්රථවලදී ජංගම දුරකථන නැතිවීම සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගෙන් පසුගිය මාස හයක පමණ කාලය පුරා නිරන්තරයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ගෙන සිටි පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් හෙට්ටිආරච්චි ඒ සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකුගේ රුව ඇතුළත් සීසීටීවී දර්ශන අනුව ඊට සමාන හැඩරුව තිබෙන සැකකටයුතු පුද්ගලයකු පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු බිරිඳ හා දරුවන් සමඟ පිළියන්දල ප්‍රදේශයට පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් අනාවරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බිරිඳ සහ කුඩා දරු තිදෙනා සමඟ ඉකුත් මාස හයක පමණ කාලය පුරා ගමන් ගන්නා බස් රථවලට නැග ඉතා සූක්ෂම ලෙස පාසල් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ජංගම දුරකථන සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු එලෙස සොරා ගෙන තිබූ වටිනා ජංගම දුරකථන ගල්කිස්ස බඩෝවිට සහ පිටකොටුව ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබියදී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.