28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ 300ක ආනයන සීමා මේ සතියේ ඉවතට

භාණ්ඩ 300ක ආනයන සීමා මේ සතියේ ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව මේ වන විට 1216ක් දක්වා අඩු වී ඇති බවයි.

අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ පැවති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු ක්‍රියාත්මක කළ බවයි.

බහුතර ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ගනු ලැබූ මෙම තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් අපහසුතාවට පත්වූ අතර නව බදු හඳුන්වාදීම පොලී අනුපාත ඉහළ නැංවීම මෙන්ම ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබුවේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීම මෙන්ම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බව ඔහු පෙන්වා දුන්නා.