29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාලදිවයිනේ කෘෂිකර්මාන්තයට ලංකාවේ සහය ඉල්ලයි

මාලදිවයිනේ කෘෂිකර්මාන්තයට ලංකාවේ සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබේ.

මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මෙරට නිල සංචාරයක නිරතව සිටින අතර ඔහු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ මාලදිවයින් රජයේ අවධානයට යොමු වී ඇති බව ඔහු එහිදී අමාත්‍යවරයා හට පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ හරිත කුටි වල (Net House) සිදු කෙරෙන වගා සම්බන්ධව අවදානය යොමු කළ මාලදිවයින් අමාත්‍යවරයා එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එමෙන්ම එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.