26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ප්‍රථම ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

මෙරට ප්‍රථම ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එවෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාවේ හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.

පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇත.