― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය හා පුද්ගලික අංශයේ නිවාස සිහිනයට බලාපොරොත්තුවක්

රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිවාස සිහිනයට බලාපොරොත්තුවක්

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09ක ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි නිවාස ව්‍යාපෘති ඉදිකරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා නව උපාය මාර්ග අනුගමනය කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන් වෙනුවෙන් 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත අදාළ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10,430,84ක මුදලක් වැය කර ඇති බව සඳහන්.