28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගනයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

රාජාංගණයේ සද්ධාරතන හිමි අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදි පසුගිය මැයි මස 28 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමික සහජීවනයට සහ සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මතයි.

මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශවලින් ආගමික සහජීවනයට හානි වීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.