27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා පෙළ සිසුවියට මහ රෑ වෙන්න ගිය නස්පැත්තිය

සා පෙළ සිසුවියට මහ රෑ වෙන්න ගිය නස්පැත්තිය

ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන ඊයේ (06) රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වී තිබෙනවා. ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා තිබේ. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි වාර්තා වනවා.

මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.