25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical225ටත් බදු ගොනුවක් අනිවාර්යයි - සියඹලාපිටිය

225ටත් බදු ගොනුවක් අනිවාර්යයි – සියඹලාපිටිය

දේශපාලනයට පිවිසෙන ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ සිට සියලු‍ දේශපාලඥයින් වෙනුවෙන් බදු ගොනු විවෘත කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (06) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සිට ඉහළට, දේශපාලනයට පිවිසෙන සියලු පුද්ගලයන් මින් ඉදිරියට බදු ලිපිගොනු විවෘත කිරීම අනිවාර්ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

බදු ලිපිගොනු විවෘත කළ යුතු ඛාණ්ඩ දාහතරකට අයත් වෘත්තිකයන් පිළිබදව ජනාධිපතිවරයා විසින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එම ඛාණ්ඩ දා හතරට දේශපාලනඥයන් ඇතුළත් නොවීම සමාජයේ දැඩි විවේචනයට ලක් විය.